ජෝන්ස්ටන්ගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද

18

නඩු විභාගය අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අනුවයි පෙත්සම සලකා බැලීම අදට කල් දැමුණේ.
ලංකා සතොස සමාගමට අයත් භාණ්ඩ තොගයක මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරනු ලැබුවා.
එම නඩුව ඊයේ සිට අඛණ්ඩව විභාගයට ගැනෙනවා.

Your Comments