ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

8

සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමුවුණා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව ඔහු එහිදී සතුට පළ කර තිබෙනවා.
මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කැපවන බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සීෂෙල්ස් උද්භිද උද්‍යානය මෙන්ම එරට සමුද්‍රීය අධ්‍යාපන ආයතනය ද ඊයේ නිරීක්ෂණය කළ අතර, පසුව යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතය ද නැරඹුවා.

 

Your Comments