ජනපති යොමු කළ නව අගවිනිසුරුවරයාගේ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

12

පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව අදාළ පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත සිය නිගමනය දන්වා යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ බවයි කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහක් කළේ.

 

Your Comments