ජනපතිට ගැලපෙන අගමැතිවරයෙක් පත් නොවන්නේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකියි

16

ජනාධිපතිවරයාට ගැලපෙන ආකාරයෙ අගමැතිවරයෙක් පත් නොවන්නේනම් රට ඉදිරියට ගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ගැලපෙන අගමැතිවරයෙකු යෝජනා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර වර්තමාන දේශපාලන අර්බුදයට සියලු දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් විසදුම් සොයාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළා.

 

Your Comments