ජනපතිගේ සාකච්ඡාවක් නිසා දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි

13

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ එළඹෙන 23 වනදා සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ක්‍ා කිරීමට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා දීමෙන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි

මේ අතර, ඕනෑම දුම්රිය වැඩවර්ජනයකට මහුණ දීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අවධාරණය කරනවා.

හෙතෙම මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments