ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරයි

8

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා උතුර පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා විසින් අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එය ඊයේ සම්මත වූ බවයි වාර්තා වුණේ.
මීට පෙර ද උතුර පළාත් සභාව විසින් මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරමන් යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා.
එම යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබුවේ ද එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා විසින්.
යුධ සමයේ සිදුවූ සිද්ධීන් පිළිබඳව මෙරට අධිකරණ මගින් ලබා දෙන තීන්දු පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.

Your Comments