චීන සංචාරක කාන්තාවන් සඳහා ආරක්ෂිතම රට ලෙසට ශ්‍රී ලංකාව පත්වෙයි

13

චීන කාන්තා සංචාරිකයින් සඳහා ආරක්ෂිතම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

විශේෂඥයින්ගේ අදහස් මත ලකුණු ගත කිරීමේ ක්‍රමවේදයකින් හා ඡන්දයකින් ශ්‍රී ලංකාවට එම ස්ථානය හිමිව ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, ජපානය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇති බව සඳහන්.

හොඳම සංචාරක ගමනාන්තය තෝරා ගැනීමේ දී සාධක කිහිපයක් වෙත අවධානය යොමු කර ඇති අතර ආරක්ෂාව, ආගන්තුක සත්කාර, මිත්‍රශිලීත්වය යනාදී කරුණු ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

Your Comments