චාවකච්චේරියේ අනතුරකින් තරුණයෙක් මරුට
මාධව කුලසූරිය - වවුනියාව

9

යාපනය, චාවකච්චේරි, මඩත්තඩි ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රියේ සිදුවු අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යතුරුපැදියක්, ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් අදාළ යතුරුපැදියේ ගමන් කළ තරුණයා අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් යාපනය මීසාලෙයි උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පවසන්නේ. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අනතුර හේතුවෙන් යතුරු පැදිය කොටස් කිහිපයකට වෙන්වී ඇති බවයි.

මියගිය තරුණයාගේ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.

Your Comments