ඝාතනයට ලක්වූ ගායන ශිල්පිනී ප්‍රියානී ජයසිංහ මහත්මියගේ සැමියා රිමාන්ඩ්

49

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.
පසුගිය ඉරිදා රාත්‍රියේ නිවසේදී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක් වු අතර මුලික විමර්ෂණවලදී අනාවරණ වුයේ සැමියා ඇගේ ගෙල ප්‍රදේශයට කතුරකින් සිදු කළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

Your Comments