Home Top Stories ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය යළි දීර්ඝ කරයි

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය යළි දීර්ඝ කරයි

1

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය යළි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි එම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් පොදු දේපල පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදාළ කර නොගන්නා ලෙස ද අධිකරණය නියම කළා.

Share this Article!

Your Comments