ගුරු හා විදුහල්පතිවරුන් අඛන්ඩ වර්ජනයකට සූදානම්

11

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා ලබාදුන් නව පත්වීම් සති දෙකක් තුළ අත්හිටුවීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු සංගම් අවධාරණය කරනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ දේශපාලන පලීගැනීම්වලට ලක්වූන් බව පවසමින් තම හිතවතුන්ට පත්වීම් ලබාදීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි.

දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන් පිරිසකට පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ වර්ජනයක නිරත වුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අදාළ වර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවයි.

පාසල් නොපැමිණෙන ලෙස ගුරු, විදුහල්පතිවරුන්ට මෙන්ම සිසුන්ට ද බලපෑම් කළ සිද්ධින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, කළුතර පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ ගුරු හා විදුහල්පතිවරුන් පිරිසක් දියත් කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවයි.

Your Comments