Home දේශීය පුවත් ගිනිකූරු කර්මාන්තශාලා සේවකයින් 5000ක් මහනුවර විරෝධතාවක

ගිනිකූරු කර්මාන්තශාලා සේවකයින් 5000ක් මහනුවර විරෝධතාවක

10

ගිනි කූරු කර්මාන්ත ශාලා 11ක සේවකයින් අද උදෑසන සිට මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

ඔවුන් පවසන්නේ මාස 03ක පහන කාලයක සිට ගිනි කූරු නිෂ්පාදනය කිරිමට අවශ්‍ය වෙඩි බෙහෙත් හා ඊට අදාල රාසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා දිමට රජය අපොහසත් වි ඇති බවයි.

මාස 03කට පෙර මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් දැනුවත් කළද මේ වන තෙක් කිසිදු පිළිතුරක් ලබා නොදුන් බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

5000ක පමන පිරිසක් මෙම විරෝධතාවයට සහභාගි වි ඇති අතර ඒ හේතුවෙන් මහනුවර නගර පරිශ්‍රයේ දැඩි රථවහන තදබදයක් පවතින බව NEWS24 වාර්තාකරු සඳහන් කළා.

 

මේ අතර, පානීය ජල ගැටළුවට විසදුම් ඉල්ලා තිස්සමහාරාම – බෝගහපැලැස්ස ප්‍රදේශයේදී මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ඒ හේතුවෙන් තිස්සමහාරාම – කතරගම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

Your Comments