ගිනිඅවි දෙකක් සමග දෙදෙනකු STF අත්අඩංගුවට
ජයන්ත වීරසේකර - වැල්ලවාය

31

මොනරාගල, ඇතිමලේ, හැවනේවෙල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර හන්දිය, සියඹලාණ්ඩුව සහ විස්ස කණුව, සියඹලාණ්ඩුව යන ලිපියන්හී පදිංචි සැකකරුවන් දෙදෙනකු බවයි පොලිසිය පවසන්නේ. ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමේ අරමුණින් මෙම ගිනිඅවි ළඟ තබාගන්නට ඇති බවට පොලිසිය සැක පල කරන අතර සැකකරුවන් විමර්ශන සඳහා ඇතිමලේ පොලිසිය වෙත භාර දී තිබෙනවා. සැකකරුවන් සහ ගිනිඅවි සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව දහයේ කණුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments