ගෑස් බෙදාහැරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීමක්

33

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ගෑස් බෙදාහැරීම දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා එල්.පී ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සත්යේන්ද්‍ර විජයපුර මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීම මෙන්ම වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
ගෑස් බෙදා හරින්නන් වෙත ලබා දෙන ප්‍රවාහන දීමනා අතුළු ගෙවීම් වසර ගණනාවක සිට සංශෝධනය කර නොමැති බව ද සභාපති සත්යේන්ද්‍ර විජයපුර මහතා ප්‍රකාශ කළා.
මෙරට ගෑස් බෙදා හරින්නන් ලෙස ප්‍රධාන නියෝජිතයින් 35 දෙනෙකු කටයුතු කරන අතර අලෙවි නියෝජිතයින් 8,000 කට අධික පිරිසක් සේවයේ නිරත වන බව ඔහු පෙන්වා දෙනවා.
පවතින තත්ත්වය හමුවේ ගෑස් සැපයීම අඩාල වුවහොත් එය මෙරට සෑම අංශයකටම දැඩි බලපෑමක් එල්ල කරන බවයි ශ්‍රී ලංකා එල්.පී ගෑස් බෙදා හරින්නන්ගේ සංගමයේ සභාපති සත්යේන්ද්‍ර විජයපුර මහතා ප්‍රකාශ කළේ.

Your Comments