ගාල්ලට බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක බෝට්ටුවක ගැටී සිදු වූ අනතුර ගැන තවදුරටත් පරීක්‍ෂණ

20

ගාල්ලට බටහිර දෙසින් මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් සහ බෝට්ටුවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදු වනවා.
ගාල්ලට සැතපුම් 30 ක් බටහිර දෙසින් මුහුදේ සිදු වූ අනතුරින් බෝට්ටුවේ ගමන් කළ ශ්‍රී ලාංකික ධීවරයන් හතර දෙනෙකු මරුමුවට පත් වුණා.
අදාළ ධීවර යාත්‍රාව නෞකාවේ ගැටුනා ද, නැතිනම් නෞකාව ධීවර යාත්‍රාවේ ගැටී අනතුර සිදු වූවා ද යන්න තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව එම කටයුතු සිදුකරන බවයි.
ඒ අනුව ඒ.අයි.එස්. තාක්ෂණය භාවිත කරමින් අදාළ නෞකාව හඳුනාගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
සිද්ධියෙන් ධීවරයින් හතරදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්වුණා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ අනතුරින් දිවි ගලවාගත් එක් ධීවරයෙකු මුදා ගත් බවයි.
ඒ අනුව අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.

ඡායාරූප – නාවික හමුදා වෙබ් අඩවියෙනි

Your Comments