ගම්මන්පිලට එරෙහි නඩුව අද යළි කැඳවයි

15

ඔස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙකුගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එරෙහිව ගොණුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යලි කැඳවනු ලැබුවා.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20 ක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වන්නේ.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැදවූ අතර ඊට අදාලව ඔස්ටේ්‍රලියානු ජාතික සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් කරගැනීම අද අවසන් කෙරුණා.
ඒ අනුවයි නඩු විභාගය ජනවාරි මස 22 දා තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කළේ.

 

Your Comments