කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක්

24

මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දෙසට මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනුලබන ‘ජනබලය කොළඹට’ ජන රැළිය හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ. එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ගයේ මේ වන විට ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර පෑලියගොඩ ප්‍රදේශයේද දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේද මේ වන විට රථ වාහන තදබදයක් පවතනිවා. පොලිසිය පවසන්නේ මෙම මාර්ග වෙනුවට රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද සංවිධානය කර තිබෙන ”ජනබලය කොළඹට” විරෝධතාවේ ජන රැළිය අද පස්වරුවේ ලේක්හවුස් වටරවුම අසල පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වීම සඳහා පෙළපාලි 6 කින් ජනතාව එක් වනු ඇති.

 

 

Your Comments