කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

21

අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නළ මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්
වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල සහ නුගේගොඩ ඇතැම් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එමෙන්ම රාජගිරියේ රෝයල්පාක්, ලේක් ගාඩ්න් මෙන්ම බණ්ඩාරනායකපුර, පැලවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජල සැපයුම ලබා දෙනු ඇති.

Your Comments