කොළඹ කටුනායක අධිවේගයේ කොටසක වාහන ගමනාගමනයට සීමා

16

නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
ඊයේ දින සිට ලබන මස 4 වනදා දක්වා අදාළ සීමාවන් ක්‍රියාත්මක වන බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව, කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක රථ වාහන ධාවනය මෙලෙස තාවකාලිකව සීමා කෙරෙනු ඇති.

Your Comments