කොළඹට පැය 6ක විදුලිය කප්පාදුවක්

21

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට පැය 6ක කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම විදුලි විසන්ධිකිරීම ඊයේ (27) සිදු කිරීමට කටයුතු යොදා තිබුණ ද එය අත්හිටුවනු ලැබුවේ ඇසළ පුර පසලොස්වක පොහොය ආගමික වැඩසටහන් පිළිබද සලකා බලමිනුයි.

ඒ අනුව අද පෙරවරු නවයේ සිට පස්වරු 3 දක්වා කොළඹ 03,04,05,07 සහ 08 යන ප්‍රදේශවල හදුනාගත් ස්ථානවලට විදුලිය විසන්ධි කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

Your Comments