කොකේන් ගිල ආ බ්‍රසීල ජාතිකයෙකුගෙන් ගුලි 66 ක් පිටතට ගැනේ

12

කොකේන් මත් ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි විදේශීය ජාතිකයෙකු කටුණායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව විරේක කර කොකේන් ගුලි 66ක් පිටතට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි 40 ලක්ෂයකට ආසන්නයි.

ඔහු දෝහ කටාර් සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන බ්‍රසීල ජාතිකයෙකු බවයි NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

ඔහු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments