Home දේශීය පුවත් කෙසෙල්ගමු ඔයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

කෙසෙල්ගමු ඔයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

18

කාසල්රී ජලාශයට ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ තිබී  පුද්ගල මළ සිරුරක් අද (27) දහවල් නොර්වූඩ් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ මළ සිරුර නොර්වූඩ් පොලිස් වසමට අයත්, වෙන්චර් තේ වතුයායේ, ලෝව ලෝරන්ස් කොටසේ පදිංචිව සිටි එස්. නිරන්ජන් නැමති (34) හැවිරිදි පුද්ගලයාගේ බවට මියගිය අයගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 24වනදා රාත්‍රී නිවසේ නිදා සිටි මිය ගිය අය එදින රාත්‍රී 11.30 පමණ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ නෝර්වූඩ් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

මෘතදේහය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) දහවල් හැටන් දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින්  පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වූඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Your Comments