කිලිනොච්චිය යුධ හමුදාවෙන් ජනතාවට පානීය ජලය බෙදාදෙයි
මාධව කුලසූරිය - වවුනියාව

20

පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට ලක්ව සිටින කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව වෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා නිළධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව වෙත කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පානීය ජලය සපයාදීම සිදුකරනු ලැබුවා.

කිලිනොච්චිය යුධ හමුදා 9 වන විජයබාහු රෙජිමේන්තු නිළධාරීන් විසින් ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට මුහුණ දී සිටින ජනතාව වෙත යුධ හමුදා ජල බවුසර යොදාගෙන පානීය ජලය සපයාදීම සිදු කෙරුණා.

කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ හා කිලිනොච්චිය අන්නායිසාරධා විද්‍යාලයේ දරුවන් වෙතද කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පානීය ජලය සපයාදීම මේ දිනවල සිදුකරනවා.

කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක තුළ නියඟය හේතුවෙන් පවුල් ලක්ෂයක පමණ පිරිසක් මේ වන විට පීඩාවට ලක්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

dav
dav

sdr

Your Comments