කිලිනොච්චියේ ළිඳක අධි බලැති පුපුරණ ද්‍රව්‍ය

11

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.
ළිඳ පිරිසිදු කිරීම සඳහා මඩ ඉවත් කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය හමුව ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
අවසන් යුධ සමයේ පළාගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් බෝම්බ ළිඳට දමා යන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.
සොයාගත් ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය, කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

Your Comments