කිලිනොච්චියේ දිවියා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි

14

කිලිනොච්චිය ආම්බාල්කුලම් ගම්මානයේ දී දිවියෙකු ඝානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

තවත් සැකකරුවෙකු අද පෙරවරුවේදී කිලිනොච්චිය පොලීසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

ඔහු බටහිර කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

සැකකරුවන් කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා හමුවට අද දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments