කනත්තක් හාරා වැලි ගොඩදැමු දෙදෙනෙක් වාහනත් එක්කම මාට්ටු
මාධව කුලසූරිය - වවුනියාව

14

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ හින්දු සුසාන භූමියක් හාරා වැලි ගොඩ දැමීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු සහ වාහන දෙකක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සුළිපුරම්, තිරුවඩිනිලයම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන හාරා වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

යාපනය, වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සැකකරුවන් දින ගණනාවක් අදාළ කනත්ත සීමාවේ වැලි ගොඩදැමීම හේතුවෙන් කනත්ත තුළ මිහිදන් කළ මළ සිරුරු අස්ථි කොටස් රැසක්ද මතුවි ඇති බවයි.

කනත්තක් හැරීම අධිකරණ නියෝග යටතේ සිදුකළ යුතු කටයුත්තක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments