Home Top Stories කතරගම පෙරහැර නැරඹීමට පැමිණෙන්නන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

කතරගම පෙරහැර නැරඹීමට පැමිණෙන්නන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

6

ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ ප්ලාස්ටික්, පොලිතින් හා දිරා නොයන අපද්‍රව්‍ය රැගෙන කතරගම පුදබිමට ඇතුළු වීම සපුරා තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි රසායනික ද්‍රව්‍ය හා උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත වීරසුන්දර මහතා සදහන් කළේ ඉකුත් වසරේ පමණක් කතරගම පුද බිමෙන් කසල කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළ බවයි.
මෙම කසළ ප්‍රමාණට සියයට 90 කින් අඩු කිරීම මෙවර ඉලක්කය බවත් එයට ජනතා සහය අත්‍යවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළා.
මේ අතර, ප්ලාස්ටික් මල් මාල වෙනුවට තෙල් කඩදාසිවලින් සැකසූ මල් මාල හඳුන්වා දී තිබෙනවා.
කතරගම ඇසළ පෙරහැර පෙරහැර එළඹෙන 13 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

Share this Article!

Your Comments