උසස් පෙළට අදාළ සියලු උප කාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

16

එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා තහනම් කර තිබෙනවා.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද අගෝස්තු මස පළවනදා සිට අගෝස්තු මස 5 දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා NEWS24 වෙත සදහන් කළේ.

මේ අතර, විභාග ශාලා සහ අවට පරිශ්‍රය තුළ ජංගම දුරකථන ඇතුලූ සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් සැළසුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ වැඩපළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා යුද හමුදා සංඥා බලකායේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ද ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

Your Comments