Home දේශීය පුවත් උසස් පෙල දැරිය දූෂණය කළ ගුරුවරු දෙදෙනා යලි රිමාන්ඩ් ජයන්ත වීරසේකර...

උසස් පෙල දැරිය දූෂණය කළ ගුරුවරු දෙදෙනා යලි රිමාන්ඩ්
ජයන්ත වීරසේකර - වැල්ලවාය

13

මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි උසස් පෙල දැරියක් දූෂණය කර එම වීඩීයෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ චෝදනාව යටතේ ඉකුත්දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාසල් ගුරුවරයා සහ උපකාරක පන්ති ගුරුවරයා මේ මස 21 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොණරාගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර ප්‍රසාද් දොඩංගඩ මහතා අද (07) නියෝග කළා.

ඒ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද(07) යළි ඉදිරිපත් කළ අවස්ථාවෙදීයි. මීට අමතරව සැකකාර ගුරුවරුන් දෙදෙනා අධිකරණයට ගෙන එන අවස්ථාවෙදී සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පිරිසක් නිහඩ විරෝධතාවකද නිරත වුනා. මෙම ගුරුවරුන් දෙදෙනා මෙම දැරියට අමතරව තවත් දැරියන් රැසකටම මෙලෙස ලිංගික අපයෝජන සිදු කර ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසන අතර මේ පිළිබඳ ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මොනරාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක් වේහිත දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල පොලිසිය සහ මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments