උතුරේ කළු කොටි සැමරුමක්
(වවුනියාව - මාධව කුලසූරිය)

42

පුනරුත්තාපනය වු ප්‍රජාතන්ත්‍රවාදී කොටි දෙමළ සංවිධානය නමැති සංවිධානයක් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට දී
කළු කොටි සැමරුමක් පවත්වා ඇති බව වාර්තා වනවා.

ජිවිතක්ෂයට පත්වු කළු කොටි සාමාජිකයින්ගේ ජායාරූප රැගත් බැනරයක් එල්ලා ඊට පහන් දල්වා සැමරීම සිදුකොට ඇති ආකාරයක් දැක්වෙන්නේ.

LTTE සංවිධානය පළමු කළු කොටියා ලෙස වල්ලිපුරම් වසන්තන් නොහොත් මිල්ලර් නමැත්තා

1987 ජූලි 05 වැනිදා යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී යුධ හමුදා ට්‍රක් රථයක් එල්ල කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කොට යුධ හමුදා සාමාජිකයින් 39 දෙනෙකු ජිවිතක්ෂයට පත් කළ වල්ලිපුරම් වසන්තන් නොහොත් මිල්ලර් නමැත්තා LTTEය විසින් පළමු කළු කොටි ප්‍රහාරකයා ලෙසයි හඳුන්වා ඇත්තේ.

වල්ලිපුරම් වසන්තන් ජිවිතක්ෂයට පත්වු දිනය කළු කොටි දිනය ලෙසට එවක එල්.ටී.ටී.ය සමරනු ලැබුවා.

ඊයේ (05) කළු කොටි සැමරුමට සම්බන්ධ පුනරුත්තාපනය වු ප්‍රජාතන්ත්‍රවාදී කොටි දෙමළ සංවිධානය නමැති සංවිධානය තුළ පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිටින බවට ආරක්ෂක අංශ වෙත වාර්තා වි ඇති බවයි පැවසෙන්නේ.

කිලිනොච්චිය අක්කරායන්කුලම ප්‍රදේශයේදී ද කළු කොටි සැමරීමට ආරාධනා කරමින් සිතුවම් හා ඉල්ලීම් ලියා තිබු බවද වාර්තා වෙයි.

 

Your Comments