ඉහළ දැමූ ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි

7

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු ඉන්ධන මිල වහා පහත හෙලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටිනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමුව ද පසුගිය ආණ්ඩුව පවත්වාගෙන ගිය මිල මට්ටම්වලට වඩා අඩුවෙන් එය පවතින බවයි.

Your Comments