ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි – ප්‍රධාන මාර්ගවල ඝණ මීදුම් තත්ත්වයක්
රංජිත් රාජපක්ෂ - හැටන්

17

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබීමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.
ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශ වන හොර්ටන්තැන්නල ආගරපතන සහ ඩයගම යන ප්‍රදේශලට ඊයේ (03) පස්වරුවේ ඇද හලුණු අධික වර්ෂාවත් සමග ඊයේ  පස්වරු 3.30 පමණ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් මුලින්  විවෘත කර පසුව එම ජලාශයේ ජල මට්ටම ඉහල යාම නිසා තවත් ස්වයංක්‍රිය වාන් දොරටු දෙකක් විවෘත වී තිබුණි.
ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු පහක් ඊයේ පස්රු 5 පමණ වන තෙක් විවෘත කර තිබුණු අතරල ඊයේ රාත්‍රිය  වන විට එහි ස්වයංක්‍රිය වාන් දොරටු දෙක වැසි ගොස් තිබුණි.
අද (04) අලුයම වන විට එම ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු තුනෙන් දෙකක් වසා දමා එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා.
අද දිනයේත් ඉහල ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද විවෘත කරන බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවන් කියා සිටින්නේ.
පවතින අයහපත් කාලගුණයත් සමගම මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් ද පවතිනවා. හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් සිට නුවරඑලිය දක්වා ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනයට දැඩි බාධා පැමිණ තිබුණා.

 

Your Comments