ඉල්ලා අස්වුවද පරීක්ෂණ අඛණ්ඩව

6

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේ කථානායකවරයා විසින් ඇගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ද තීරණයක් ගත යුතු බවයි.

කෙසේවෙතත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඇය රාජ්‍ය අමාත්‍යධුරයෙන් හෝ මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි බව උතුරු පළාත් ඇමතිනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසනවා.

ඇය පෙන්වාදෙන්නේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කළ ප්‍රකාශයකට උදාහරණයක් ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානය යොදාගෙන ඇති බවයි.

මේ අතර, තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ අර්බුධකාරී තත්ත්වය මත සියධුරයෙන් ඉවත් වීමට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය මේ වනවිට තීරණය කර තිබෙනවා.

Your Comments