ඉන්ධන මිල යළි ඉහළට

37

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල යළි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 149කට අලෙවි කරනු ලැබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 දක්වා රුපියල් 6කින් ඉහළ දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 161කට අලෙවි කරනු ලැබූ ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 169 දක්වා රුපියල් 8කින් ඉහළ දමා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය කියා සිටියේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රවාහන හා ධීවර ක්ෂේත්‍රයන්හි අහිතකර බලපෑමක් ඇති විය හැකි බැවින් මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවා.

 

Your Comments