ඇලෝසියස්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් හමුවෙයි

41

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් හමුව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇති බව පාර්ලිමේන්තුවේ දී අනාවරණ වුණා.
ඒ ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින්.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ සිර මැදිරියෙන් හමුවූ දුරකථන හා සිම් කාඩ් පත් මගින් ලබාගෙන ඇති දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බවයි.

මේ අතර පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස් මහතාට සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකුට අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබෙනවා.

ඒ ප්‍රශ්න ගත බැදුම්කර වංචාව පිළිබඳ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි.

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් එළඹෙන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳහන්.

2017 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අයත් සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 5 ක චෙක්පතක් ලබාදී ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයේ දී සඳහන් කළේ.

Your Comments