Home Top Stories ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණවල අවසන් වාර්තා නීතිපති වෙත

ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණවල අවසන් වාර්තා නීතිපති වෙත

2

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නිතිපතිවරයා වෙත යොමු කර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනිය සිදුකළ අදාළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශ 59ක් සටහන් කර ගෙන ඇති බව ද සඳහන්.
ඒ අතර මැති ඇමතිවරු 6 දෙනෙකු, රාජ්‍ය නිලධාරීන් 14ක් සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු සිටින බව ද අධිකරණයට දන්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු නඩුව ලබන ඔක්තෝබර් 19 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබෙනවා.

Your Comments