ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට CIDය සූදානම්

6

එළඹෙන 19 වන දා දිවයිනට පැමිණීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වනවා.
ඒ, 2008 – 2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
ඔහුට පසුගිය 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඊට දින 03 කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොදන්වා විදේශගත වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ.
තරුණියන් 11 දෙනෙකු පැහැරගැනීමෙ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුට අධිකණය මඟ හැර සිටීමට උදව් උපකාර කල බවට සෘජුව සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.

Your Comments