Home Top Stories ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා තවදුරටත් නිදහස් පක්ෂය සමගයි – නිදහස් පක්ෂ...

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා තවදුරටත් නිදහස් පක්ෂය සමගයි – නිදහස් පක්ෂ මහලේකම් කියයි

8

පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන බව පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් ආසන සංවිධාන කටයුතුවල ද නිරත වන බවයි.
මේ, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීමට කාලය මදි බවයි. මැතිවරණයට ලං වූ විට නිශ්චිත අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.
මේ අතර, පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ ග්‍රාමීය මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නායිකාවන්, තරුණ නායකයින් එක්රැස් කර ගනිමින් පක්ෂ බලමණ්ඩල පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි. එසේම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඇතැමුන් ගත්ත තීන්දු තීරණ නැවත නිවැරදි කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යාමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

Your Comments