අස්ගිරි අනුනායක හිමියන්ගේ ප්‍රකාශයකට ජනමාධ්‍ය ඇමතිගෙන් විශේෂ නිවේදනයක්

12

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
‘ධර්මද්වීපය හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යට කරමුද?’ යන සිරස්තලය යටතේ මෙම නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණා.
පිළිගත් නායක හාමුදුරුවන් වහන්සේ නමක විසින් සිදු කරන ලද ප්‍රකාශය බැරෑරුම් ද්වේශ සහගත ප්‍රකාශයක් බවත්, බුද්ධ දර්ශනය පිළිගන්නා සැබෑ බෞද්ධයකු වශයෙන් එකී ප්‍රකාශය සම්බන්ධයෙන් අතිශය ලැජ්ජාවට පත්වන බවත් අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මේ අතර, උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය තුළින් වැරදි දෙයක් අදහස් කළ බවට තමා නොසිතන බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

Your Comments