අලි රොෂාන්ට නඩු

10

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා මත නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
සෙසු විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙක් වන උපාලි පද්මසිරි වනඅලි ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිණියක වන ප්‍රියංගිකා සංජීවනී ද ඇතුළත්.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගෙන  ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා විසි හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

 

Your Comments