අල්ලස් දැලේ පැටලුණු ආනයන හා අපනයන දෙපාර්තමේන්තුමේ පාලකවරයා රක්ෂිත බන්ධනාගාරයට

12

අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැලිගම ප්‍රදේශයේදී් අදාළ නිලධාරියා ඊයේ අත්අඩංගුවට ගනු ලැබූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින්.
වසර 10ක් පමණ පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මොහු අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව සදහන්.

Your Comments