අභිරහස් ලෙස ඝාතනය කෙරුණු තරුණියකගේ මළ සිරුරක් කිලිනොච්චිය කුඹුරු යායකින් හමුවෙයි
මාධව කුලසූරිය - වවුනියාව

49

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබූ වයස අවුරුදු 18ත් 20ත් අතර වයසේ පසුවන තරුණියකගේ මළ සිරුරක් අද (29) සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කුඹුරු යායට ජලය සපයන ඇළ මාර්ගයක තිබි මළ සිරුර සොයාගත් අතර, මළ සිරුර අසළ තිබි යතුරුපැදි යතුරක්, පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමු වී ඇති බවයි.

පොලිසිය මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර, මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළ සිරුර දැක ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Your Comments