අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

11

අපරාධ රැසක් සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු විදේශගතව සිට යළි මෙරටට පැමිණීමේදී කටුණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.
අදාළ පුද්ගලයා 2003 වසරේදී ගල්කිරියාගම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයෙක් වෑන් රථයක ගැටීමට සළස්වා ඝාතනය කිරීමට තැත් කිරීම සහ ඔවුන් සතුව තිබූ ටී 56 ගිනිඅවියක් කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන බව සඳහන්.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් කුවේවට් රාජ්‍යයේ සිට ඔහු දිවයිනට පැමිණ ඇති අතර 2001 වර්ෂයේ සිට නොදන්වා සේවය හැර ගිය ගුවන් හමුදා සෙබළෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Your Comments