අපරාධ නිවාරණ කොට්ඨාසයෙන් කතානායකට ඉල්ලීමක්

22

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළ අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කථානායකවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ඊට එක්ව සිටි අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව සඳහන්.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය 02 වැනි දා යාපනයේදී ප්‍රකාශ කළා.

ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ද එක්ව සිටියා.

Your Comments