අධිකරණය අපක්ෂපාති නොවු බවට පාඨලීගෙන් චෝදනා

27

වත්මන් ආණ්ඩුව අධිකරණ පද්ධතිය ස්වාධින කළ ද අධිකරණය අපක්ෂපාතී නොවූ බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.
මන්නාරමේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පොලීසිය, බන්ධනාගාරය තුළ ද අද වන විට නීතිය ක්‍රියාත්මක නොවන බවයි.
කෙසේ වෙතත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වත්මන් රජය හමුවේ කිසිදු බලපෑමකින් තොරව පොලීසියට කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇති බවයි.

Your Comments