අද සිට වැසි අඩුවෙයි

4

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවිය හැකියි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව ඉදිරියේදී ඉන්දියාවට ඇතුළු වනු ඇති බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළා.
මේ අතර, ජලාශවල ජල මට්ටම ද මේ වන විට යම්තාක් දුරකට පහත බැස ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

Your Comments