අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම ගනී

9

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වනදායි.
ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබුණා.
රජයේ අධිනීතිඥයෙකු ලෙස 1978 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති ඒ මහතා 1989 වසරේ දී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තතුරට පත්වුණා.
අනතුරුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වූයේ 2011 වසරේදියී.
මේ අතර නව අගවිනිසුරුවරයා අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

 

Your Comments