අගමැති සිංගප්පූරුවට

18

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවට සහභාගී වීම අග්‍රමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේදී සිංගප්පූරු අග්‍රමාත්‍ය ලී ශින් ලු‍ං, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුලු එරට රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතයි.

ජුලි 9 වනදා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී ”‍නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම”‍ මැයෙන් ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇති.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘නවෝත්පාදන සහ සහයෝගීතාව තුලින් අනාගතයට සුදුසු තිරසාර නගර ඇති කිරීම’ යන්නයයි.

Your Comments