අගමැති රනිල් ආසියාන් සංවිධානයේ මහලේකම් හමුවෙයි

5

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියාන් සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් අතර හමුවක් සිදුව තිබෙනවා.
ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කරලීමේ ඉදිරි වැඩ පිළිවෙලක් සම්බන්ධව මූළික පියවර ගැනීම සුදුසු බවටයි එහිදී සාකච්ඡා කර ඇත්තේ.
හැනොයි නුවර ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ පැවති මේ සාකච්ඡාවේ දී ථේරවාදි බුදුදහම සම්න්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
එම ආගමික සම්බන්ධතාවය මත ආසියාන් රටවල් සමග සමීපව කටයුතු කිරීමේ පොදු පදනමක් ශ්‍රී ලංකාවට පවතින බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආසියාන් සංවිධානයට අයත් රටවල් හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා යෞවන ක්ෂේත්‍රයන්හි සබඳතාවන් තර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා මහත්මිය අතර හමුවක්ද පවත්වා තිබෙනවා.

Your Comments