අක්කරේපත්තු ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුලු දෙදෙනෙකු මරුට

5

පොතුවිල්-අක්කරපත්තු ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් හා කුඩා දියණියක් මියගොස් තිබනවා.
ඊයේ පස්වරුවේ කුංඥ්ඥඕඩය පාලම අසල දී අක්කරපත්තුව සිට පොතුවිල් දෙසට ධාවනය වු මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා කුඩා දැරියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙකු මෙලෙස අනතුරට ලක් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මව හා කුඩා ගැහැණු දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි පොලීසිය පලැවසුවේ.
අනෙක් ගැහැණු දැරිය හා පුත්‍රයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෘත ශරීරයන් පොතුවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර, මාතර – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පිංආරාව ප්‍රදේශයේදී එකම පවුලේ 10 දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

 

Your Comments